ගොවිඳුපුර පොලිස් වසමට අයත් බුද්ධම රිටිගහවත්ත ප්‍රදේශයේදී විරසක වූ සිය පෙම්වතියට (11) වෙනිදා උදෑසන වෙඩි තැබීමට ගිය පෙම්වතා පෙම්වතියගේ මුහුණ දැක අනුකම්පා සිතී කැප්ප තුවක්කුවකින් අහසට වෙඩි තබා පළා ගොස් ඇතැයි ගොවිඳුපුර පොලීසිය පවසයි.
බුද්ධම රිටිගහවත්ත පදිංචි 24 හැවිරිදි තරුණිය ගම් ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර මීට වසරකට පමණ ඉහතදී දෙදෙනා විරසකවී තිබේ.
ඇය දැනට මොනරාගල නගරයේ ඇඟලුම් කම්හලක සේවය කරයි. ඇය වෙනත් තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට ආරංචිවී පැරණි පෙම්වතා,ඇය ඇඟලුම් කම්හලේ බස් රථයට ඒමට නිවසේ සිට අතුරු මාර්ගයක් ඔස්සේ පැමිණෙමින් සිටියදී පාර හරස් කොට ඇයට වෙඩි තැබීමට උත්සාහ කර ඇයගේ මුහුණ දැක අනුකම්පා සිතී පසුව අහසට වෙඩි තබා පළා ගොස් ඇත.
ඔහු අත්අඩංගුවට ගැනීමට ගොවිඳුපුර වැඩ බලන පොලිස් ස්ථානාධිපති ඩී.එම් කරුණා ශාන්ත මහතා පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක