බදුල්ල තල්දෙන ඇළේ ජලයේ පාවෙමින් තිබු තරුණයෙකුගේ මල සිරුරක් 31 දින දවල් සොයාගත් බව පොලිසිය කියයි.
මහියංගන ගිරාදුරුකෝට්ට ප්‍රාදේශයේ පදිංචි 18 හැවරිදි තරුණයෙකුගේ සිරුරක් තල්දෙන ඇළේ තිබියදි සොයාගෙන ඇත.
මෙම තරුණයා 30 දින සවස තම පෙම්වතියගේ නිවසට යන බව කියමින් තල්දෙන ප්‍රදේශයට යතුරුපැදියකින් පැමිණ සවස් කාලයේ බීමත්ව හිස් වැසුම් නොමැතිව තල්දෙන මාර්ගයේ ගමන්කරන අයුරු දැක තිබෙන ප්‍රදේශවාසීන් පසුදින 31 දහවල් තල්දෙන ඇළේ ජලයේ තරුණයාගේ සිරුර පාවෙමින් තිබියදි සොයාගෙන තිබෙන බව පොලිසිය කියයි.
මියගියා තරුණයා සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් හා මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව බදුල්ල රෝහලේදි පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත.
ප්‍රසන්න පද්මසිරි/පාලිත ආරියවංශ

