පෙබරවාරියේදී සංචාරකයන් 279328ක් ඇවිත්


2026 පෙබරවාරි මාසය තුළ දී ශ්‍රී ලංකාවට සංචාරකයින් සංඛ්‍යාව 279,328ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එය පසුගිය වසරේ පෙබරවාරි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාවට සාපේක්ෂව 16.2%ක වැඩිවීමකි.

එසේම ගතවූ මාස දෙකක කාලය තුළ පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 556,655ක් බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
 



Recommended Articles