පෙබරවාරියේ මුල් දින 8ට සංචාරකයන් 60000ක් ඇවිත්


2024 පෙබරවාරි මාසයේ මුල් දින 08 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 60,122 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ දත්ත වල දැක්වෙයි.

ඒ අනුව මේ වසරේ පෙබරවාරි 8 දා තෙක් පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 268 375ක් බව එම අධිකාරිය වැඩිදුරටත් පවසයි. පෙබරවාරි මාසයේ දෛනික සංචාරක පැමිණීම 6500 සීමාව ඉක්මවා ගොස් තිබේ.

 



Recommended Articles