පෙට්‍රල් හා ඩීසල් භාවිතයේ කැපී පෙනෙන අඩුවක්


ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වා දීමත් සමග ගතවූ සති තුනක කාලය තුළ ඉන්ධන භාවිත කිරීමේ කැපි පෙනන අඩුවීමක් පෙනෙන්නට තීබේ.

විදුල බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් ඉදීරිපත් කළ දත්ත අනුව මේ බව දැක්වෙයි.

ඒ් අනුව අගෝස්තු මස පළමු සති තුන තුළදී පෙට්‍රල් ලීටර් භාවිතය පිළිවෙළින් ලීටර් මිලියන 23.5ක්, 22.1ක් හා 21.0 ලෙස පහත බැස තිබේ.

ඒසේම දෛනික භාවිත කරන සාමාන්‍ය පෙට්‍රල් ලීටර් ප්‍රමාණය ඒම සති තුනේදී පිළිවෙළින් ලීටර් මිලියන 3.3ක්, 3.1ක් හා 3.0ක් ලෙස පහත බැස තිබේ.

ඩීසල් පිළිබඳව තත්ත්වය සලකා බැලීමේදී අගෝස්තු පළමු සතියට වඩා  දෙවැනි සතියේදී භාවිත කීරීම ඉහළ ගියත් තෙවැනි සතියේදී යළිත් එය පහළ ගොස් තීබේ.

මේ අනුව පළමු සති තුළ ඩීසල් ලීීටර් භාවිතය පිළිවෙළින් ලීටර් මිලියන 13.0ක්, 14.0ක් හා 12.7ක් විය. දෛනික භාවිතයේ සාමාන්‍ය ලීටර් මිලියන 1.8ක්,2.0ක් හා 1.8ක් විය.

ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා මේ වන විට වාහන මිලියන 6ට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති අතර එය හඳුන්වාදීමත් සමග ඉන්ධන හල් අසළ පැවැති පෝලිම් නොමැති තත්ත්වයකට පත්විය.

 



Recommended Articles