පෙට්‍රල් වාහන සඳහා QR යළිත් හෙට සිට සක්‍රීයයි


අවුරුදු සමයේදී ක්‍රියාත්මක නොකළ පෙට්‍රල් වාහන සඳහා අදාල QR ක්‍රමය හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත  ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පැවසුවේ ඒ අනුව පෙර පැවති ඉන්ධන කෝටාව යළි සක්‍රීය වන බවය.

උත්සව සමය හේතුවෙන් පසුගිය 11 වැනි දින මධ්‍යම රාත්‍රියෙට් සිට හෙට දිනය දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR ක්‍රමය සැලකිල්ලට නොගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබීය.

 



Recommended Articles