පෙට්‍රල් නැවට මුදල් ගෙවයි - ෂෙඩ්වලට එන්න තවත් දවස් දෙකක්


ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා තිබූ පෙට්‍රල් නෞකාවට ඊයේ රාත්‍රි යේ මුදල් ගෙවා දැමූ බවත් එම පෙට්‍රල් ඉන්ධන පිරවුම්හල් වෙතට ලබාදිමට තවත් දින දෙකක පමණ කාලයක් ගත වන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදි පැවැසිය.

“අපි ඊයේ ඉල්ලීමක් කළා පෙට්‍රල්වලට රැදිලා ඉන්න එපා කියලා. ඒ ඉල්ලීම කළේ ඊයේ වෙන කොටත් අපිට ඒ නෞකාව ගන්න බැරිවෙලා තිබුණා. ඒ නිසා තමයි අපි ඉල්ලිමක් කළේ පෙට්‍රල් සඳහා පෝලිම්වල ඉන්න එපා කියලා. නමුත් මට හිතාගන්න බෑ පෙට්‍රල් සඳහා පොලීමිවල ඉන්න එපා කියද්දිත් විශේෂයෙන්ම පොලීසිය දැනුවත් කර තියෙද්දීත් අද දවසෙත් පෙට්‍රල් සඳහා විශාල පෝලිම් තියෙනවා.

මේ පොල්මිවල සිටියට අද දවසේ අපිට පෙට්‍රල් නිකුත් කරන්න විදිහක් නෑ. ඩීසල් සම්පූර්ණයෙන්ම නිකුත් කර තියෙනවා. ඊයේ රාත්‍රී 10.30ට තමයි ගරු අග්‍රාමාත්‍යතුමාත් ජනාධිපතිතුමත් කථා කරලා එලියේ තියෙන නෞකාවට මුදල් ටික ගෙව්වේ.

අද උදේ 8.30ට තමයි නෞකාව අපේ වරායට ආවේ. අද රාත්‍රීය වෙනවා නෞකාවෙන් ඉන්ධන ගොඩබාන්න. ඒ ගොඩබාලා දවස් දෙකක් යනවා අනිවාර්යයෙන්ම මේ හැම ඉන්ධන පිරවුම්හලකටම ඉන්ධන ලබාදෙන්න. ඒ නිසා කාරුණිකව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා රැස්වෙලා ඉන්න එපා අපිට අද දිනයේදී පෙට්‍රල් ලබාදීමට විදිහක් නෑ”



Recommended Articles