පෙට්‍රල් නැව අද එයි


නව සැපයුම්කරුවෙක් විසින් ශ්‍රී ලංකාවට ලබාගත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාව අද දිනයේදී දිවයිනට ළඟා විමට නියමිතව තිබේ.

මේ වන විට ශ්‍රි ලංකාව සතුව ඇත්තේ සීමිත පෙට්‍රල් සංචිතයක් වන අතර ඒවා සීමිතව බෙදා හැරීම හේතුවෙන් ඉන්ධන හල් අසළ පෙට්‍රල් වෙනුවෙන් දැඩි පෝලිම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේදී ‌ඉන්ධන මිල වැඩිකිරීමේ ඉඩක්ද පවතී.  



Recommended Articles