පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්​ට ඩිජිටල් කාඩ්පත සැප්තැම්බර් 15 පසු


පූර්ණ එන්නත්කරණයට ලක්වූ බව සහතික කිරීමේ ඩිජිටල් කාඩ්පත සැප්තැම්බර් 15 වැනිදායින් පසු නිකුත් කිරීමට තීරණය කර ඇ​ත. සැප්තැම්බර් මුල් සතිය වන විට වයස අවුරුදු 30 ට වැඩි දෙවන මාත්‍රාව ලබාගත් පිරිස 75% ප්‍රතිශතයක් වනු ඇති බවට අපේක්ෂා කරන බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේය.

එම තත්ත්වය මත පදනම්ව ඩිජිටල් කාඩ්පත නිකුත් කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.



Recommended Articles