පූජිත්ට හා හේමසිරිට එරෙහි නඩුව සැප්. 18දා කැඳවයි


පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් 18 වැනිදා කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (28) නියම කළේය.

කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කර පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට ප්‍රමාණවත් විශ්වාෂ කළ හැකි බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීමෙන් සාපරාධි ලෙෂ රාජකාරිය පැහැරහර පුද්ගලයින් 275 දෙනෙකුගේ මරණ සිදුකිරීම සහ500කට ආසන්න පිරිසකට තුවාල සිදුකිරීම  මඟින් මිනී මැරීම හා මනී මැරීමට තැත් කිරීම ඇතුළු චෝදනා 855ක් යටතේ පවරා ඇති නඩුව කැඳවු අවස්ථාවේදී නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ පුරප්පාඩුව පවතින සාමාජික විනිසුරුවරයකු පත් කරන ලෙස අභිනව අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කිරීමට අපේක්‍ෂා කරන බවට කළ දැනුම් දීමක් සළකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වශයෙන් කටයුතු කරන මහාධිකරණ විනිසුරුවරුන් වන නාමල් බලල්ලේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් මහත්වරු හමුවේ කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළේය.

මහජන කැළඹීමට මෙන්ම මහජනතාවට ඉතා සංවේදී වැරදි කොට ඇති මෙම විත්තිනරුවන්ට එරෙහි නඩු විශේෂ අධිකරණ කටයුතු ලෙස සළකමින් මහාධිකරණ විනිසුරුවරුවන් තිදෙනකුගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට අවසර ලබාදෙන ලෙස හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් කළ ඉලල්ීමකට අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා නාමල් බළල්ලේ (සභාපති) ආදිත්‍ය පටබැඳි සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල පත් කරන ලදී.

2019 අප්‍රේල් 07 වැනිදාත් 21 වැනිදාත් අතර කාලයේ ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතු`ථ එහි සාමාජිකයින් පිරිසක් කොළඹ ඇතු`ථ නරැරවල කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කර පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට ප්‍රමාණවත් හා විශ්වාෂ කළ හැකි බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීමෙන් සාපරාධි ලෙෂ රාජකාරිය පැහැර හැර පුද්ගලයින් 275 දෙනෙකුගේ මරණ සිදුකිරීම සහ 500කට ආසන්න පිරිසකට තුවාල සිදුකිරීම මඟින් මිනී මැරීම හා මනී මැරීමට තැත් කිරීම ඇතුළු චෝදනා 855 ක් යටතේ නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා සාක්කිකරුවන් 1.215 දෙනෙකු ඉදිරිපත් නරන බව නඩු ගොනුවේ සඳහන් කොට ඇත.

2019 අප්‍රේල් 7 වැනිදාත් අප්‍රේල් 21 වැනිදාත් අතර කාලයේ අන්තවාදී මුස්ලිම් සංවිධානයක් විසින් කතේලික පල්ලි හා තරු හෝටල් ඉලල්ක කර පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම්ව හා අත්‍යාසන්ව සිටින බවට රාජ්‍ය බුද්ධ අධ්‍යක්‍ෂක නිලන්ත ජයවර්ධන මහතාට ලැබී තිබූ සංවේදී තොරතුරු ඔහු විසින් හිටපු පොලිස්පති ජූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට දැනුම් දුන් බවට මෙම සිද්ධියට අදාල විමර්ෂනවලදී හෙළිව තිබු බව නඩු ගොනුවේ සඳහන් වේ.

එලෙස තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාරයන් වළකාලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත් බවට මෙන්ම රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂක නිලන්ත ජයවර්ධන මහතා විසින් ලබාදුන් තොරතුරු විත්තිකරුවන් විසින් නොසළකා හැර ඇතැයි පෙන්වා දෙන නීතිපතිවරයා එම තත්වයන් හේතුවෙන් සහරාන් හෂීම් සහ ඔහු අනුගාමිකයින් කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කර සිදු කළ මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 275 ක් මියගොස් තවත් 500 ක් බරපතල තුවාල ලබා ඇති බව ද පෙන්වා දී ඇත.

ජූජිත් ජයසුන්දරට සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට ලැබී තිබූ බුද්ධි තොරතුරු අනුව කටයුතු නොකොට ඔවුන්ගේ ප්‍රබල නොසළකාහැරීම් හා පැහැරහැරීම් හේතුවෙන් මෙම ප්‍රහාරයන් එල්ල වී ඇති බවත් විත්තිකරුවන්ගේ එම අනීතික නොකරහැරීම් සහ නොසළකා හැරීම් හේතුවෙන් ඔවුන්ට එරෙහිව මිනී මැරීම සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා මත නඩු පැවරීමට කටයුතු කළ බව ද නීතීපතිරයා අධිකරණයට දැනුම් දී තිබිණි. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දිලීප පිරිස් මහතා කරුණු දක්වමින් මෙම නඩුව විභාග කළ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ ආදිත්‍ය පටබැඳිගේ මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශයෙන් උසස්වීම් ලැබීම හේතූවෙන් තිපුද්ගල විනිසුරු මඩුලේ එක් සාමාජික විනිසුරුවරයකුගේ පුරප්පාඩුවක් ඇතැයිද එම පුරප්පාඩුව සඳහා අ`ථතින් විනිසුරුවරයකු පත් කරන  ලෙෂ අභිනව අගවිනිසුරු ප්‍රීතී පද්මන් සුරසේන මහතාගෙන් ඉල්ලීමක් කිරීමට අපේක්‍ෂා කරන්නේ යැයි කීය.

එහෙයින් නව විනිසුරු මඬුල්ලක් පත් කරනතුරු මෙම නඩුව කැඳවීම සදහා වෙනත් දිනයක් නියම කරන්නැයි ජනාධිපති නීතීඥ දිලීප පිරිස් මහතා ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල සැප්තැම්බර් 18 වැනිදා නඩුව කැඳවීමට නියම කළේය.



Recommended Articles