පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් මිය යෑමට 8ක් අත්අඩංගුවට


පූගොඩ පොලීසියේ පොලිස් අත්අඩංගුවේ පසුවූ තරුණයෙකු පොලිස් අත්අඩංගුවේ සිට රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මිය යෑමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඉදිරිපත් වූ සාක්ෂි අනුවත පිටස්තර පුද්ගල‍යන් 7ක්ද අත්අඩංගුවට ගත් බව ඔහු පැවැසීය.

සැකකරුවන් අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.



Recommended Articles