පූගොඩ උසාවි සංකීර්ණයේ 53 දෙනෙකු නිරෝධායනයට


පූගොඩ උසාවි සංකීර්ණයේ විනිසුරුවන් ඇතුළු 53 දෙනකු නිරෝධායනයට ලක් කල බව දොම්පේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පි.එස්. බණ්ඩාරනායක මහතා පැවසීය. 

ඉකුත් 12දා පූගොඩ උසාවි සංකීර්ණයේ ලේඛණාගාරයේ සේවක මහතකුහට කොවිඩි 19 රෝගය වැලදී ඇති බව තහවුරු වීමත් සමග 19දා එහි කාර්යය මණ්ඩලය මෙලෙස නිරෝධායනයට ලක් කර තිබේ.

මෙලෙස නිරෝධායනයට ලක් කල පිරිස මේ වනවිට PCR පරීක්ෂණ කට භාජනය කර තිබෙන බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පවසා සිටියහ. 

මේ අතර පූගොඩ කුමරි මුල්ල ප්‍රදේශය වසා දමා ඇත.

ඒ එම ප්‍රදේශයේ පුද්ගලයන් 232 කට PCR  පරීක්ෂණ කිරීමෙන් පසු එයින් 15 දෙනකු කොවිඩ් 19 ආසාදිතයන් බව තහවුරු වීමත් සමගය.

ජා-ඇල ප්‍රසංග පෙරේරා.

 



Recommended Articles