පුහුණුවීමේ නිරත සෙබළා යුද ටැංකියේ ගැටී මරුට


මාන්කුලම් කොකාවිල් ප්‍රදේශයේ  පුහුණුවීම් කටයුතු වල නිරත වෙමින් සිටි හමුදා සෙබළකු යුද ටැංකියක ගැටී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අයි. වී. දසනායක නමැති (19) හැවිරිදි තඹුත්තේගම පදිංචි සෙබළෙකි.

මෙම සෙබළා   කොකාවිල්  පුහුණු කඳවුරේ පුහුණුව ලබමින් සිටියදි , කොකාවිල් රක්ෂිතයේ දින  කිහිපයක සිටි  යුද ටැංකිය යොදාගෙන පුහුණුවක නිරත වී ඇති බවත්, එසේ  පැවති පුහුණුවක් අතරතුර ඊයේ (5දා) ධාවනය වෙමින් සිටි යුද ටැංකියක ඉදිරිපස අනපේක්ෂිත ලෙස ගැටී ඇති බව මාන්කුලම් පොලිසිය පවසයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබු සෙබළා කිලිනොචිචි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මාන්කුලම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



Recommended Articles