පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග 2ක් මාට්ටූ


අධි බලැති පුපුරන  ද්‍රව්‍ය  තොගයක් බට්ටා ලොරි රථයක යට පැත්තේ රහසිගත කුටියක. සඟවා ප්‍රවාහනය කරමින් තිබියදී , බිංගිරිය  විලත්තව පොලිස් මාර්ග බාධකයේදී සැකකරුවන් දෙදෙනෙකු සමග අද (24දා)   අලුයම  අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය .

පිපිපිරවීම් සඳහා  භාවිතා  කෙරෙන ඩෙටනේටර්  100 බැගින් වූ පෙට්ටි 09 ක්ද,  පුපුරන ද්‍රව්‍ය  පුරවන ලද  ප්ලාස්ටික්  පයිප්ප බට  89 ක්ද , වෙඩි බේත් නූල් 21 ක් ද ,රහසිගත කුටියේ  සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කරයි .

සැකකරුවන් දෙදෙනා මන්නාරම ප්‍රදේශයේ පදිංචි කරුවන් බවත් ,මෙම පුපුරන ද්‍රව්‍ය තොගය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගෙන් මිලදී ගෙන ඇති බවටත්  මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවද පොලීසිය සඳහන් කරයි .

සිද්ධිය සම්බන්ධයෙන් බිංගිරිය පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.

නිකවැරටිය ප්‍රියාණි මංගලිකා



Recommended Articles