පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට


පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු කින්නියා අල් අක්සා පාසල පාර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිකුණාමලය විෂමත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයේ අත්අඩංගුවට ගත් මොහු ළඟ තිබි පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 201 මිලිග්‍රෑම් 400 ක් විද්‍යුත් නොවන ඩෙටනේටර් 4ක් සහ සේවා නුල් සොයාගෙන ඇත.

42 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කින්නියා පොලීසිය වෙත භාර දි තිබේ.



Recommended Articles