පුද්ගලික රථවාහන ආනයන වියදම මුල් මාස පහේදී සියයට 828කින් ඉහළට


පුද්ගලික රථවාහන ආනයන වියදම මෙම වර්ෂයේ මුල්මාස පහ තුලදි ( ජන-මැයි)  ඇමරිකානු ඩොලර්මිලියන  828.8 දක්වා සියයට 254.8කින් වැඩිවි  ඇති බැව්  ශ්‍රිලංකා වමහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

 ඉකුත් වර්ෂයේ  (2025) මෙම කාලසිමාව තුල පුද්ගලික රථවාහන ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 233.6ත මුදලක් වැයකොට තිබුණි. එහෙත් මෙම වර්ෂයේ (2026) මුල්මාස පහ තුලදි පුද්ගලික රථවාහන ආනයන වියදම   ඉකුත් වර්ෂයේ මෙම කාලසිමාවට  සාපේක්ෂව සියයට 254.8කින් වැඩිවි ඇත.

 එමෙන්ම මෙම වර්ෂයේ මැයිමාසයේ පුද්ගලික රථවාහන ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන  207.8ක් වැයකොට තිබු අතර ඉකුත් වර්ෂයේ (2025) මැයි මාසයේ පුද්ගලික රථවාහන ආනයන වියදම  ඇමරිකානු ඩොලර්මිලයන 91.9කි.ඒ අනුව  මෙම වර්ෂයේ මැයි මාසයේ පුද්ගලික රථවාහන ආනයනය වියදම ඉකුත් වර්ෂයේ මැයි මාසයට සාපේක්ෂව සියයට 126.2කින් ඉහළගොස් ඇත.



Recommended Articles