පුද්ගලයෙක් පැහැර ගෙන ගොස් පහර දුන් යු හ කපිතාන්වරයෙක් ඇතුළු 4ක් අල්ලයි


නොරෝච්චෝල ආලංකුඩා පුලච්චේන ප්‍රදේශයේ දෙදරු පියෙකු පැහැර ගෙන ගොස් පහර දීමට සම්බන්ධ බව කියන යුධ හමුදා කපිතාන්වරයකු හා කොප්‍රල්වරයකු සමග ලාන්ස්කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව නොරෝච්චෝල පොලීසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සේරුනුවර කල්ලාරු යුධ හමුදා කදවුරට අනුයුක්තව සේවය කරමින් සිටි කපිතාන්වරයකු ඇතුළු යුධ හමුදා සාමාජීකයින් පිරිසකි.

පසුගිය ජූනි 29 දින රාත්‍රියේ පුලච්චේන ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වන 38 හැවිරිදි ආර්.ශ්‍රීකාන්ත නැමති අය ඔහුගේ නිවසේදි යුධ හමුදා ඇදුමින් පැමිණි පිරිසක් හා තවත් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ආසන්නයේ තිබු කෑලැවකදි පහර දී දමා යාමේ සිද්දියට අදාල කපිතාන්වරයා හා යුධ හමුදා සාමාජීකයින් තිදෙනා මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනී.

මෙම පැහැර ගෙන යාම සම්බන්ධව මෙයට පෙර තවත් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබු අතර ඔවුන් පැහැර ගැනිමට ලක්වු දෙදරු පියාගේ ඥාතින් හා හිතවතුන් බව කියයි.

කෙසේ වෙතත් පැහැර ගැනිමට ලක්වු දෙදරු පියාගේ මස්සිනා මෙම පැහැර ගැනිම හා පහර දිම සැලසුම් කර ඇති බවත් මෙම  කපිතාන්වරයා ඇතුළු අත්අඩංගුවේ පසුවන සෙසු යුධ හමුදා සාමාජීකයින් මෙම පැහැර ගැනිමට පැමින ඇත්තේ පැහැර ගැනිම සැලසුම් කල අයගේ උවමනාවට බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වී තිබේ .

පොලිස් පරිකෂණ වලදි හෙළිව ඇත්තේ පැහැර ගැනිමට ලක්වු දෙදරු පියා හා ඔහුගේ මස්සිනා අතර වසරකට පෙර ඇතිවු පුද්ගලික ආරවුලක් මෙම පැහැර ගෙන පහර දිමට සම්බන්ධ වි තිබු බවයි.

 



Recommended Articles