පුද්ගලයින් එක්ලක්ෂ 33,000කට සයිනොෆාම් පළමු මාත්‍රාව


මෙරට තවත් පුද්ගලයින් එක් ලක්ෂ 33,215 දෙනෙකුට ඊයේ දිනයේදී සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළා.

ඒ අනුව මේ දක්වා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන විසි ලක්ෂ 64,929 ක්.

සයිනොෆාම් දෙවන මාත්‍රාවද පුද්ගලයින් 18,477 දෙනෙකුට ඊයේ දිනයේදී ලබා දී තිබෙනවා.

ඒ අනුව පුද්ගලයින් අට ලක්ෂ 70,446 දෙනෙකුට සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව මේ වන විට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේ.

 



Recommended Articles