පුද්ගලයින් 239650කට ඊයේ දිනයේ කොරෝනා එන්නත්


මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 239650කට ඊයේ දිනයේ කොරෝනා එන්නත් ලබා දී තිබේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 15,548 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 93,434 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියේය.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 6332 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 805 දෙනෙකුට ලබා දී ති​බේ.

මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ 73,308 දෙනෙකුටත් ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 48,320 දෙනෙකුට සහ දෙවන මාත්‍රාවද 196කට ලබාදී තිබෙනලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.



Recommended Articles