පුත්තලමේ සියලු පාසල් හෙට වැසේ


පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (03) දිනයේ වසා දැමීමට තීරණය කළ බව වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පවසයි.

මේ වන විට එම තත්ත්වය හේතුවෙන් නැගෙනහිර හා උතුරු පළාත්වල සියලු පාසල් වසා දැමීමට තීරණය කෙරිණි.

“බුරවි“ සුළි කුණාටුව අද (02) පෙ.ව 11.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී 140ක් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව පවතී.

 

 



Recommended Articles