පුත්තලමෙන් සවස හඳුනාගත් කොරෝනා රෝගීන් 10 මුලික රෝග ලක්ෂණ කිසිවක් පෙන්වා නැහැ


කෝවිඩ් - 19 වෛරසය වැළදී ඇති බවට අද (31) සවස් කාලයේදී තහවුරු වූ පුද්ගලයින් 10 දෙනා පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

මෙම පුද්ගලයින් 10 දෙනා වෛද්‍ය පරීක්ෂණයේදී කොරෝනා ආසාධිතයින් බවට තහවුරු කර ගනු ලැබුවත් මේ දක්වා ඔවුන්ට කොරෝනා වෛරසය හා සම්බන්ධ කිසිදු මුලික රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොතිබීම විශේෂත්වයක් බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කර සිටියි.



Recommended Articles