පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ දරුවන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි


පුත්තලම සහිරා ජාතික පාසලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටින දරුවන්  තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට සනාථ ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

මෙසේ ආසාදිතයින් බවට සනාථ වි ඇත්තේ වයස  අවුරුදු 11ක පිරිමි දරුවකු හා අවුරුදු 9 හා 5 ගැහැණු  දරුවන් බව පැවසේ.

මෙම දරුවන් තම මවුපියන් සමග සහිරා ජාතික පාසලේ නිරෝධායනය වෙමින් සිටි දරුවන් බව සඳහන්ය.

මෙම දරුවන් තිදෙනා මුල්ලේරියාව රෝහලට රැගෙන යාමට ගිලන් රථ සුදානම් කර තිබුනී.



Recommended Articles