පුංචි ලෝකාන්තයේදී අතුරුදහන් වූ පුද්ගලයාගේ සිරුර සොයා ගනියි


මඩොල්සිම පුංචි ලෝකාන්තය නැර‍ඹීමට ගොස් අතුරුදන් වූ පෞද්ගලික මාධ්‍ය ආයතනයක ත්‍රිමාණ සජීවීකර‍ණ ශිල්පී දිනුර විජේසුන්දර මහතාගේ සිරුර සොයාගැනීමට  යුද්ධ හමුදා විශේෂ බලකා භටපිරිස් අද (09) සමත් වූහ. 

දැඩි මීදුම සහිත අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ වුවද යුද්ධ හමුදා භට පිරිස් තුන්වන දිනටත්  මෙම මෙහෙයුම සඳහා සක්‍රියව සහභාගී වී සිටියහ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් අදාල ත්‍රිමාණ සජීවීකරණ ශිල්පියා සොයා ගැනීම මෙහයුම වෙනුවෙන් යුද්ධ හමුදා විශේෂ බලකායේ ගලවාගැනීමේ කණ්ඩායමක් යොමු කළ අතර යුද්ධ එම විශේෂ බලකා භට පිරිස්  රැෆ්ලින් කඹ ආධාරයෙන් පුංචි ලෝකාන්තයෙන් අඩි 1200 ක් පමණ පහළට බැස සිදු කළ මෙහෙයුමකදී මෙළෙස ත්‍රිමාණ සජීවීකර‍ණ ශිල්පියාගේ මළසිරුර සොයාගැනීමට සමත් වූහ.



Recommended Articles