පුංචි ලෝකාන්තයේ කඳවුර ගතවීමට ගිය අයෙක් අතුරුදන්


මඩොල්සිම  පුංචි ලෝකාන්තයේ  දී  ඊයේ (6දා) රාත්‍රී පුද්ගලයෙක් අතුරුදන්ව ඇතැයි මඩොල්සිම පොලීසිය පවසයි.

12 දෙනෙකුගෙන්  යුත්  කණ්ඩායමක් මෙහි කඳවුරක් ගත කිරීමට පැමිණ තිබේ. අධික වැස්ස හා දැඩි මීදුම නිසා  යළි ඔවුන් පැමිණි වාහනයට  ගමන්කර ඇති බවත් , එසේ සිටියදී එක් අයෙක් අතුරුදන්ව ඇති බවත් පොලීසිය පවසයි.

අතුරුදන් පුද්ගලයා  මුංහේන මග්ගොන කලුතර පදිංචි දිනුර විජේසුන්දර (34) නැමත්තෙකි. ඔහු මාධ්‍ය ආයතනයක  ග්‍රැෆික් ඩිසයිනර්වරයෙි.

මඩොල්සිම , බිබිල, සහ ලුනුගල  පොලිසි  ඒකාබද්ධ සෝදිසි මෙහෙයමුක් ක්‍රියාත්මක කර ඇති අතර යුද හමුදාවද කැඳවා තිබේ.

පාලිත ආරියවංශ



Recommended Articles