එළඹෙන වසරේ දී පළාත් පාලන මැතිවරණය නොපවත්වා සභික ධුර කාලය යළි වසරකින් දිර්ඝ කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි නාඋල ප්‍රදේශිය සභා සභාපති සනත් දසනායක (ශ්‍රී ලං පො ජ පෙ) මහතා කියා සිටියේය.
හෙතෙම මෙම අදහස් පළ කළේ නාඋල ප්‍රාදේශිය සභා මාසික රැස්වීම අමතමිනි.
පසුගිය 2018.02.10 දින පළාත් පාලන ඡන්ද විමසීම සිදුකළ අතර ඒ අනුව සභිකයින්ගේ ධුර කාලය 2022.02.10 දින අවසන් විය යුතුය.
කෙසේ වෙතත් ප්‍රාදේශිය සභා මැතිවරණය නොපවත්වා එය තවත් වසරකින් දීර්ඝ කිරිමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානමින් සිටින බව සභාපතිවරයා සභාව හමුවේ කියා සිටියේය.
ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ඉහළ ක්‍රියාකාරින් තමන්ට දන්වා ඇති බව කියා සිටි සනත් දසනායක මහතා අවධාරණය කර සිටියේ දීර්ඝ වන ඉදිරි වසරේ දී ද ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාවක් සිදුකිරීමට තමන් ඇතුළු මන්ත්‍රි කණ්ඩායම කටයුතු කරන බවයි.
නාවුල ඉන්දික අරුණ කුමාර