පුංචි ආණ්ඩු 46ක සියයට 25 ක කාන්තා නියෝජනය නෑ


පළාත් පාලන ආයතනවලට සභිකයන් පත්වීමේදී 25%ක් කාන්තාවන් පත් විය යුතු වුවත්, ආයතන හතළිස් හයක එම තත්ත්වය නොමැති බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.

 ආයතන හතළිස් හයක් සැලකීමේදී කාන්තා නියෝජනය 25%කට  අඩු  වුවත්,  2018 වසරේ සිට කාන්තා නියෝජනය 25%ක් අනිවාර්යයෙන් විය යුතු බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

 2018 වසරේ පැවැති ඡන්ද විමසීමේදීත් පොදුවේ තෝරා පත්වූයේ  23.8%ක කාන්තා නියෝජන ප්‍රතිශතයක් බවද හෙතෙම පැවසීය.

පවතින නීතිරීතිවලට අනුව තේරීපත් වූ සභිකයෙකු ඉල්ලා අස්වුවහොත් ලැයිස්තුවෙන් කාන්තාවකට අවස්ථාව ලබාදිය හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

 මේ නිසා යම් ඉල්ලා අස්වීමකදී කාන්තා නියෝජනය 25% නොමැති ආයතනවලට කාන්තාවන් පත්කරනු ඇතැයි සිතන බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

 

 



Recommended Articles