පීඩාවට පත්ව සිටින පෞද්ගලික බස් රථ හිමියන් සඳහා සහන පැකේජයක්


කොවිඩ් සමග පීඩාවට පත්ව සිටින පෞද්ගලික බස් රථ හිමියන් සඳහා සහන පැකේජය ලබාදීම ආරම්භ කර ඇතැයි ප්‍රවා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

මාර්ග බලපත්‍ර හිමි දාහත් දහසකට එම සහන පැකේජය ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

පළමුවැනිදා රට විවෘත කරන්නේ නම් ඊට පසු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරිම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි යෝජනාවලියක් සකස් කරමින් තිබෙන බව​ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Recommended Articles