නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍ර දේශයේ පැවැති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින්පෙ දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍ර දේශවල අහස වළාකුළින් බරව පවතින බවත් උතුරු, උතුරු-මැද හා නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත්දි ඇතැම් සරථානවලට මි.මි. 100ක ට වැඩි වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.