පීඩන අවපාතය අද දහවල් ත්‍රිකුණාමලය හා යාපනය අතර වෙරළින් ගමන් කරයි


නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය පීඩන අවපාතය අද පෙරවරු  8:30ටත්‍රිකුණාමලයට කිලෝමීටර් 50 ක් පමණ උතුරින් පිහිටා තිබුණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

එය දහවල් පමණ වන විට ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී  ලංකා වෙරළ තිරය හරහා ගමන් කිරීමට ඉඩ ඇත. එය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් අද රාත්‍රිය වන විට අඩු පීඩන ප්‍ර දේශයක් දක්වා දුර්වල වීමට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.



Recommended Articles