පී.සී.ආර් පරීක්ෂණ 750ක් සිදුකර බේරුවල කොවිඩ් ආසාදිත පුද්ගලයන් 134ක්


බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් අලුත්ගම, බේරුවල, පයාගල පොලිස් බල ප්‍රදේශ තුනෙහි ඉකුත් දින කිහිපය තුළ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ 750ක ප්‍රතිඵලවලින් අද(07) දින වන විට කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 134 දෙනකු වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද(07) අලුත්ගම දී පැවසීය.

ඒ මහතා එසේ පැවැසුවේ අලුත්ගම පිහිටි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී මාධ්‍යයට අදහස් දක්වමිනි.

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා



Recommended Articles