පිළියන්දල හෝටල් හිමිකරුවෙක් හෝටලය තුළදීම ඝාතනය කරයි


පිළියන්දල ප්‍රදේශයේ හෝටලයක හිමිකරුවෙක් එම හෝටලය තුළදීම ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

අවුරුදු 50ක් වන පුද්ගලයෙක් මෙසේ ඝාතනය කර ඇති අතර මරණකරු නිදන ඇඳ මත හිසේ පසුපස තුවාල සහිතව සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

ඔහුගේ බිරිඳද මෙම සිදුවීමෙන් තුවාල ලබා ඇති අතර ඇය කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරුවන් මෙතෙක් අණාවරණය වී නොමැති අතර පිළියන්ඳල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



Recommended Articles