පිළියන්දල රෝහලට ලක්ෂ 20ක උපකරණ පරිත්‍යාගයක්


පිළියන්දළ දිසා රෝහලේ නේවාසික  කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අභිනවයෙන් ඉදිකළ හදිසි ප්‍රතිකාර ඒකකයට  ( ETU ) අවශ්‍ය  රුපියල් ලක්ෂ විස්සක්  වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

හදිසි ප්‍රතිකාර ඇඳන් හතරක්, වායු සමීකරන කට්ටලයක්,කොවිඩ්  රෝගීන්ට  අවශ්‍ය ඔක්සිජන් ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් මෙහිදී ප්‍රදානය කෙරිණි.

මෙම වැඩසටහන අභය ගුණවර්ධන මහතා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් සංවිධානය කළ අතර ඒ සඳහා සිංගප්පූරුවේ සිටින මිත්‍රයින් පිරිසකගේද දායකත්වය ලැබී තිබේ.

ශාන්ත කුලරත්න



Recommended Articles