පිළියන්දල මධ්‍ය විද්‍යාලයට පාර්ලිමේන්තුව ලබාදෙයි


පිළියන්දල මධ්‍ය විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරැණි පාර්ලිමේන්තු සභා ගර්භයයේ දී පසුගිය 04 වැනිදා පැවැත්විණි. ඒ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ ප්‍රධානත්වයෙනි. පිළියන්දල මධ්‍ය විද්‍යාලය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පාර්ලිමේන්තු  ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම අරමුණු කොටගෙන එම විද්‍යාලය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

මෙහිදී පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය විසින් පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා එහි කාර්යභාර පිළිබඳ පැහැදිලි කරමින් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ දැනුවත් කළාය. ( I J )



Recommended Articles