පිළියන්දල පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් තාවකාලිකව වසා දැමේ


පිළියන්දල පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් තාවකාලිකව වසා දමා එහි රැඳී සිටි වෛද්‍යවරයෙක්,හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 14 දෙනෙක් ස්වයං  නිරෝධායනයට ලක් කළ බව  පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කියයි .

පසුගිය  16 වෙනි දින  මෙම  වෛද්‍ය මධ්‍යස්ථානයෙන්  ප්‍රතිකාර ගත් පුද්ගලයෙකුට  කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තා මගින්  ඉකුත් 24 වැනි දින අනාවරණය වීය.

අනතුරුව  ඔහු ආ ගිය බව තැන් පිළිබඳ විමසීමේදී මෙම වෛද්‍ය  මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගත් බවට අනාවරණය වූ බව  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

 



Recommended Articles