පිළිතුරු නැත්නම් දෙසැම්බරයේ වැඩ වර්ජනයක් - ගුරු සංගමය


නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ පැනනැගී ඇති ගැටලුවලට විසඳුම් ලබානොදෙන්නේ නම් දෙසැම්බර්මාසයේදී එක්දින වැඩ වර්ජනයක් කිරීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. ප්‍රවෘත්ති සාඛඡාචාවකට එක් වෙමින් එහි ලෙඛම් ජෝසප් ස්ටාර්ලින් මේ බව සධහන්කරයි.

මෙම සිදුකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්පූර්ණ අසාර්ථක ක්‍රියාවලියක් බව ගුරුවරුන්තුලත් සාඛජාවක් පවතින බවත් පාසල් කාලය පස්වරු 2.00 දක්වා දීර්ඝ කිීමට දැනටමත් වරෝධතාවක් දක්වා ඇති බවද ඔහු පවසයි. එළඹෙන 7 වැනිදාට ප්‍රථම ආණ්ඩුව මෙම කරුණුවලට ප්‍රතිචාර නොදක්වන්නේනම් අනිවර්යයෙන්ම දෙසැම්බර් මස එක්දින වැඩ වර්ජනයක් සිදුකරන බව වැඩිදුරටත් හෙතෙම පැවසීය.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles