පිහි ඇනුමකින් පොලිස් නිලධාරින් දෙදෙනෙකුට තුවාල


පිහි ඇනුමකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

මෝදර ප්‍රදේශයේදී එම සිද්ධිය වාර්තා විය.

සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අයෙක් ලෙස හඳුනාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අදාල පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමට යාමේදී පොලිස් නිළධාරීන් දෙදෙනා තුවාල ලබා ඇති බවය.

සැකකරු මේවන විට අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනා රෝහල් ගතකර තිබේ.

 



Recommended Articles