පිස්තෝලයක්, උණ්ඩ 70ක් සහ අයිස් සමග අයෙක් අල්ලයි


විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ජීව උණ්ඩ හැත්තෑවක් සහ අයිස් මත්ද්‍රව්‍ය  සමග පුද්ගලයෙකු මූකලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව දොම්පේ පොලිසිය කියයි.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් අටක් අඩංගු පැකට් දෙකක්ටී 56 ගිනි අවි වලට යොදන ජීව උණ්ඩ තිස් නවයක් මුදලින් රුපියල් ලක්ෂ හතරක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

තිස්තුන් හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි බව කියන සැකකරු පූගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

කිරිඳිවැල උපාලි රණවීර



Recommended Articles