පිස්තෝල අවියක් හා පතොරම් 30ක් සමග සැකකරුවෙක් අල්ලයි


2026.06.29 දින උදෑසන කළුතර උතුර පොලිස් වසමේ වස්කඩුව ප්‍රදේශයේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට අනුයුක්ත වානිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර පිස්තෝල අවියක්, එම පතරොම් 30 ක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 85 මිලිග්‍රෑම් 410 ක් හා මත්ද්‍රව්‍ය  ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 98,000/= ක් (අනූ අටදහසක්) සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 29 ක් වන වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



Recommended Articles