පිලිපීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඇමරිකා එක්සත් ජනපදය 19% ක බද්දක් අය කරන බව ට්‍රම්ප් ධවල මන්දිරයේදී පිලිපීන ජනාධිපතිවරයා සමඟ පැවති හමුවකින් පසුව පැවසීය.
නව තීරුබදු පුළුල් ගිවිසුමක කොටසක් බවත්, එහිදී පිලිපීනය ඇමරිකානු භාණ්ඩ සඳහා තීරුබදු ඉවත් කරන බවත්, දෙරට මිලිටරිමය වශයෙන් සහයෝගයෙන් කටයුතු කරන බවත් ඔහු අඟහරුවාදා සමාජ මාධ්‍යවල ලිවීය.
"එය සුන්දර සංචාරයක් වූණා. අපි අපගේ වෙළඳ ගනුදෙනුව අවසන් කළා" ට්‍රම්ප් Truth Social ගිණුමේ සටහනකිිි පැවැසීය. පැහැදිලි ගිවිසුම පිළිබඳ වැඩිදුර විස්තර ඉදිරිපත් කළේ නැත.
පිලිපීනයට සියයට 20ක බද්දක් පනවන බවට ට්‍රම්ප් මේ මස මුලදී නිවේදනය කළ නමුත් ඊයේ දිනයේදී එම අගය සියයට 19ක් දක්වා අඩු කරනු ලැබීය.
පිලිපීනය එක්සත් ජනපදය සමඟ සාපේක්ෂව කුඩා වෙළඳ හවුල්කරුවෙකු වන අතර, පසුගිය වසරේ ඇමරිකාවට ඩොලර් බිලියන 14.2 ක් පමණ වටිනා භාණ්ඩ අපනයන කර තිබුණි. එයට මෝටර් රථ අමතර කොටස්, විදුලි යන්ත්‍රෝපකරණ, රෙදිපිළි සහ පොල්තෙල් ඇතුළත් විය.
මේ අතර ඉන්දුනීසියාවට සියයට 19ක බදු ප්‍රතිශතයක් පනවන බව ට්‍රම්ප් නිවේදනය කළේය. ඒ අනුව අඟහරුවා දිනයේදී රටවල් තුනක් වෙනුවෙන් ඔහු නව බදු ප්‍රතිශත ප්‍රකාශයට පත්කර තිබේ.