පිල්ලෙයාන් ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරයි


ටිඑම්විපී පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් විසින් තමන්ව නීති විරෝධිව අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින (2025.07.23) තීරණය කලේය. 

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) (නීතිය ඉදිරියේ අසමානව සැලකීම), 12(2) (දේශපාලන මතය අනුව වෙනස්කම් සිදුකිරීම), 13(1) (හේතු නොදක්වා අත්අඩංගුවට ගැනීම) සහ 13(2) (නීතියේ ක්‍රියා පටිපාටියෙන් බැහැරව අත්අඩංගුවට ගැනීම) යන වගන්ති යටතේ නඩුව විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලේය.

 පෙත්සම්කාර පිල්ලෙයාන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සමග නීතිඥ උදය ගම්මන්පිල මහතා පෙනී සිටියේය.



Recommended Articles