පිරිවැය ආවරණය වන සාධාරණ ගාස්තු ක්‍රමයක් වෙනුවෙන් කටයුතු කරනවා


අඛණ්ඩ විදුලි සැපයිමකට මෙන්ම පිරිවැය ආවරණය වන අයුරින් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු නම් එය සිදුකරන බව මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව කොමිෂම වෙත ලැබී ඇති බවත් මහජන උපදේශනයක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවැසීය.

විදුලි ඉල්ලුම හා විදුලි උත්පාදනය වන ආකාරය පිළිබඳව ගණනය කර විදුලි බිල සංශෝධනය වෙනු ඇති බවද ඔහු පැවැසීය.

මේ සඳහා දින පනහක පමණ කාලයක් ගත වෙනු ඇති බවද සභාපතිවරයා පැවැසීය. 

 



Recommended Articles