පියාගේ යට ඇදුමේත් දුවගේ තිසරපටයේත් හෙරොයින්


හෙරොයින් මත්කුඩු ජාවාරමේ නිරත පියා සහ දියණියක අත්අඩංගුවට ගැනීමට වාද්දුව පොලිසියේ දූෂණ මර්ධන නිලධාරීන්  කණ්ඩායමක් සමත්ව ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව, වේරගම ප්‍රදේශයේ පදිංචි 52 සහ 26 වියැති දෙදෙනෙකු බව පොලිසිය කීය.

ලද තොරතුරක් මත නිවස ඉදිරිපිටදී යතුරුපැදියෙන් පිටත්ව යාමට සූදානම්වූ සැකකරු පරීක්ෂා කිරීමේදී යට ඇදුමේ සගවා සිටි හෙරෝයින් මත්කුඩු මිලිග්රැම් 6470 ක් සොයාගෙන යතුරුපැදියද භාරයට ගත්බව පොලිසිය කීය. 

ඉන්පසු නිවස තුළ සිටී සැකකරු ගේ දියණියගෙන් ප්‍රශ්න කර ඇති අතර,  මත්කුඩු නොමැති බව මුලින් ප්‍රකාශ කර ඇතත් පසුව කාන්තා නිළධාරිනියක් ඇයව පරීක්ෂාවක් කිරීමේදී තිසරපට අස්සේ සගවාගෙන තිබූ හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 5660 ක් සොයාගත් බව පොලිසිය කීය.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

පානදුර සුමිත් පොතුපිටිය



Recommended Articles