පියාගෙන් හා තම වැඩිමහල් සහෝදරයාගෙන් පහර කෑ පුද්ගලයෙක් මරුට


පියාගෙන් මෙන්ම තම වැඩිමහල් සොහොයුරාගෙන් පහරකෑමට ලක්වූ අවුරුදු 25ක තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

ඊයේ රාත්‍රි යේදී මැදවච්චිය පොලිස් වසමේදී මෙම අවාසනාවන්ත මරණය සිදුව තිබේ. මරණකරු තම පියා සමග පවතින ආරවුලක් හේතුවෙන් ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් පසුව සිදුවූ පහරදීමකින් මෙම මරණය සිදුව තිබේ.

ඝාතනයට සම්බන්ධ අවුරුදු 56ක් වන පියා හා අවුරුදු 27ක් වන වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ. 



Recommended Articles