පියා දුරකතනය නොදුන්නේ යැයි 15 හැවැරිදි පුතා දිවි නසාගෙන


බණ්ඩාරවෙල හීල්ඔය පදිංචි දහ වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙක් පියා දුරකථනය නුදුන්නේ යැයි  සිත්තැවුලට පත්ව ඊයේ 07 දින රාත්‍රියේ නිදන කාමරයේ එල්ලී දිවි නසාගෙන ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය කියයි. 

 මෙසේ දිවි නසාගෙන ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රධාන පාසලක දහ වන ශ්‍රේණිය ඉගෙනුම ලැබූ සිසු දරුවෙකි. මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය දියතලාව මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය. බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි. 



Recommended Articles