පියා, දියණිය හා ඥාති දියණිය දියේ ගිලී මරුට


මඩොල්සිම මැදවලගම ගැරඩිඇල්ල දිය වළක දියේ ගිලී  තිදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

මෙසේ  මිය ගොස් ඇත්තේ පියා ,දියණිය හා මියගිය පියාගේ නැගණියකගේ දියණියයි.

මැදවලගම පදිංචි පියා වන ආර්.එම් ජයරත්න (38) ඔහුගේ දියණිය වන ආර්.එම් නිකේෂලා(12) සහ ඥාති දියණිය වන ආර්.එම් පර්ණි දිල්රුක්ෂි (13) යන තිදෙනාය.

මොවුන් තිදෙනා අද 06 දින ගැරඩිඇල්ල දිය වලේ දිය නාමිව් සිටියදි දියේ ගිලී මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

ලුණුගල ප්‍රසන්න පද්මසිරි



Recommended Articles