පියල් හා ලොහාන්ගේ රාජ්‍ය අමාත්‍ය ධුර තවදුරටත් ක්‍රියාත්මකයි


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2276/64 අංක දරණ 2022.04.22 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ජනාධිපති විසින් පත්කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතරව මීට පෙර පත්කර ඇති පහත සඳහන් රාජ්‍ය අමාත්‍යවරුන් ද තවදුරටත් කටයුතු කරන බව සඳහන් කර තිබේ.

ඒ අනුව,

01. ලොහාන් රත්වත්තේ මහතා  -   මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

02. පියල් නිශාන්ත ද සිල්වා මහතා  -   කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය



Recommended Articles