පිය පුතු කුඩු සමග මාට්ටූ


හෙරොයින් මත්කුඩු වලට ඇබ්බැහි වූ පියෙකු සහ ඔහුගේ පුතා යැයි කියන සරසවි සිසුවෙකු තිප්පොළකින් මත්කුඩු ලබාගෙන යමින් සිටියදී මහනුවර මූලස්ථාන පොලීසියේ දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

මහනුවර සුප්‍රසිද්ධ පාසලකින් අධ්‍යාපනය හදාරා ඇති මෙම පිය පුතු දෙදෙනා පියාගේ ආභාෂයෙන් පුතා මත්කුඩු වලට ඇබ්බැහි වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ . ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දෙදෙනා සන්තකයේම මත්කුඩු පැකට්ටුව බැගින් තිබු බව පොලිසිය කියයි .

විසිපස් වැනි වියේ පසු වන ප්‍රධාන සැකකරුගේ පුතා කොළඹ ප්‍රදේශයේ සරසවියක සිව්වැනි වසරේ අධ්‍යාපනය හදාරන්නෙකු බවද පොලිසිය කියයි .

සැකකරු අද (02දා) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

ෂේන් සෙනෙවිරත්න

 


Recommended Articles