පිඩු සිඟා වැඩ රැස්කරගත් දානය දන් දෙති


පුරා මාස කිහිපයක් අව් වැසි නොතකා පිඬු සිඟා වැඩ රැස් කර ගත් දෑ වෑතර දිස්ත්‍රික් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙත පරිත්‍යාග කිරීමේ උතුම් පිංකමක නිරත වීමට හොරණ කෝරලඉම විජයගිරි පිරිවෙනේ හිමිවරුන් පියවර ගත්හ.

එම පිංකම සිදු කෙරුනේ පිරිවෙනට වසර 18 ක් පිරීම නිමිත්තෙනි. විජයගිරි පිරිවෙනේ කෘත්‍යාධිකාරි පූජ්‍ය දෙනගම ඤාණින්ද ලොකු හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් උන්දුරුගොඩ ශ්‍රී විජයනන්දාරාමය,බවෙනිවැල් කොල සිරිනන්දාරාමය යන විහාරයන්හි උභය විහාරාධිපති, හේවාගම් කෝරලයේ උප ප්‍රධාන සංඝනායක අත්තුඩාවේ නන්දසිරි හිමියන් ප්‍රධානත්වයෙන් මෙම පින්කම පැවැත්විණි.

විජයගිරි පරිවේණාධිපති උඩත්තව අරියඥාන හිමි ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය පොඩි හාමුදුරුවන්ගේ සංවිධායකත්වයෙන් ශ්‍රී ඉන්දසාර ධර්ම විද්‍යාලයේ ගුරු සිසුන් හා දායක කාරකාදීන්ගේ සහභාගිත්වයෙන්  මෙම මාහැඟි පින්කමක් සිදු කෙරිණි.

මෙහිදී රෝහල වෙත වැඩම කළ මහා සංඝයා වහන්සේ වෑතර දිස්ත්‍රික් රෝහලේ ප්‍රධාන දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී අරුන කුමාරසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට රෝගීන්ට සහ රටට සෙත් ප්‍රාර්ථනා කරමින්  ආශිර්වාදාත්මක සෙත් පිරිත් සජ්ජායනාවක් පවත්වා ඔවුන්ට පිරිත් පැන් ලබා දී පිරිත් නූල් ගැට ගසන ලදී.

මෙහිදී බිස්කට් වර්ග, දත්බෙහෙත්, සබන්, වේදනා නාශක, සීනි, තේ කොළ ආදී දෑ ඇතුළත් පාර්සල් විජයගිරි පිරිවෙනේ හිමිවරුන් ඒ ඒ වාට්ටු වෙත වැඩම කර නේවාසිකව සිටින රෝගීන් වෙත ප්‍රදානය කර ඔවුන්ට සෙත් පිරිත් සජ්ඣායනා කර පිරිත් නූල් ගැට ගසා  ඉක්මනින් සුවය පතා ආශිර්වාද කිරීම  සිදු කිරීම විශේෂත්වයකි.



Recommended Articles