පිටකොටුවේ යාචකයින් 100 දෙනෙකුට සයිනොෆාම් පළමු මාත්‍රාව


පිටකොටුව ප්‍රදේශයේ සිටින යාචකයන් සිය දෙනෙකු සදහා එන්නත් ලබාදීම අද සිදු කෙරුණා.

කොළඹ මහනගර සභාව සහ පොලිසිය එක්වයි වැඩසටහන සංවිධාන කර තිබුණේ.

පිටකොටුව ප්‍රදේශයේ සැරිසරන යාචකයන් සිය දෙනෙකුට වැඩි පිරිසකට එන්නත ලබාදීම ගුණසිංහපුර ප්‍රදේශයේ දී සිදු කෙරුණා.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමටයි මෙහෙදී කටයුතු කෙරුණේ.

 

 

 



Recommended Articles