පිට කොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සංවර්ධනය ඇරඹෙයි


පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අලුත්වැඩියා කිරිමේ කටයුතු මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ආරම්භ කරනු ලැබීය.

ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 424ක් වැය කිරීමට අපේක්ෂා කෙරේ. මේ හරහා කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීන පහසුකම්වලින් සමන්විත බස් නැවතුම්පොළක් ලෙස සංවර්ධනය කෙරෙයි. නවීකරණ කටයුතු ලබන වසරේ අප්‍රේල් මාසයේදී අවසන් කිරීමට නියමිතය.

මධ්‍යම බස් නැවතුම්පොළ මේ අයුරින් නැවත නවීකරණය කරන්නේ වසර 60කට ආසන්න කාලයකට පසුව වීම විශේෂත්වයකි.4

 

 

 



Recommended Articles